Wednesday, October 16, 2019

ලෙඩ්ඩු බලන පාස්




හිතවෙතෙක් ලෙඩක්  දාගෙනය. බීලා බීලා බීලාම ලෙඩ වෙලාය. දැන් ඔහුගේ නවතම නේවාසිකාගාරය රජයේ රෝහලයි. මොන මගුලක් කර ලෙඩ වුණත් මූ හිතවතෙකු නිසා බලන්ඩ ගියෙම්. වාට්ටුවට පාස් නැතිව යන්ඩ බැරිය. ඉස්සර වාගේ මුරකාරයාට ශත පණහක් මිට මොලවා යාමද යල් පැන ගොස්ය දැන් ඉන්නේ සෙකුරටි මහත්වරුය. කරන්ඩ දෙයක් නැතිම තැන කමිසය යටකර සපත්තු දෙකක්ද දමා ටයි පටියක්ද ඔතාගෙන වගේ වගක් නැතිව රෝහලට පිය නැගුවෙමි. ගේට්ටුව ලග සෙනග පොදි කති. පාස් චෙක් කරති. පාස් නැති අයට යන්ඩ දෙන්නේ නැත.  ඒ දෙස නොබලාම මගේ ගමන ගියෙමි. කිසිදු බාධාවක් නැත මා දන් ඉන්නේ මගේ එකාගේ ඇද ලගය. ටයි පටියටත් සපත්තු දෙකටත් පින් දුන්නෙමි. මේවැනි ආනිසංස සහරාන්ලටත් ප්‍රභාකරන්ලටත් ඔවුන්ගේ හෙන්චයියන්ටත් භුක්තිවිදිය හැක. වටිනාකම එයයි. වාට්ටුව ගැන මීලග සටහනින්....ආයුබෝවන් .... නැවත හමුවෙමු නොවරදවාම